විදුලි සැරින් හිත් බිදුණු පන්සල් සඳහා සූර්ය පැනල

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ හමුවක් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
පිරිවෙන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ඉන්දියානු ණය ක්‍රමය මගින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික කටයුතු අමාත්‍යංශයේ තෝරා ගැනීමට අනුව ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට සහ එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය කොට තිබෙනවා.
එසේම විදුලි මිල සංශෝධනය කිරීමේ දී පාදක වූ කරුණු සහ එය සිදු කරන ලද ආකාරය ද මෙහිදී දැනුවත් කළ බව විදුලිබල අමාත්‍යාංශය සදහන් කරනවා.
මෙම සාකච්ඡාව සදහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අධ්‍යාපනය රාජ්‍ය අමාත්‍ය විජිත බෙරලුගොඩ සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී චානක සහ ඉන්දික අනුරුද්ධ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම අදාල අමාත්‍යාංශවල අනුබද්ධ ආයතනවල නිලධාරීන් ද සහභාගි වී තිබෙනවා.
410 Views
Comments