SEP
22
ලොකු ලූනු ආනයනය අත්හිටුවන්න

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළද පොලට වැඩි වශයෙන් ලැබෙමින් පවතින බැවින් ලොකු ලූනු ආනයනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන දේශීය ලොකු ලූනු නිස මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා ගොවීන් බරපතළ දුෂ්කර තත්වයකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දේශීය ලොකු ලූනු අස්වැන්න විශාල වශයෙන් ලැබෙන නමුත් ඒවායේ තොග මිල රුපියල් 30 සිට 100 දක්වා ඉතා අඩු මට්ටමක පවතින බව ගොවීහු පවසති.
215 Views
Comments