පොඩි ලැසීට චෝදනා බාර දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
22

පොඩි ලැසීට චෝදනා බාර දෙයි

පොඩි ලැසීට චෝදනා බාර දෙයි

 

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩිලැසි ඇතුලු විත්තිකරුවන් පස් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාල අධි චෝදනා දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ බාරදෙනු ලැබිය.

 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අරමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි, තුයියා හන්දි ප්‍රියංකර හෙවත් හිච්චා, මෙරිඤ්ඤ ශ්‍රි මාල් තුෂාර හෙවත් තට්ටයා,ලද්දු සුරාජ් සමින්ද ලක්ෂාන් හෙවත් බතා,කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් පස් දෙනා නම්කර ඇත.

 

අධි චෝදනා බාරදෙන අවස්ථාවේ දෙවන විත්තිකරුවන තුයියා හන්දි ප්‍රියංකර හෙවත් හිච්චා සහ පස්වන විත්තිකරුවන කලුදුර උදාර සම්පත් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනි සිටියේ නැත. මේ නිසා එම සැකකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කරන ලද ඇප මුදල් රාජසන්තක ක‍ොට එය දඩ මුදලක් ලෙස අයකර ගැනිමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

views

243 Views

Comments

arrow-up