SEP
29
ගොවීන්ට ගිනි අවි ලබාදීමට කටයුතු කරනවා - අමාත්‍ය මහින්ද අමරවීර

වන සතුන්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ඉදිරිපත් කරන යෝජනා සාර්ථක නොවුවහොත් ගොවීන්ට ගිනි අවි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
ඊයේ (28) ගන්නෝරුව කෘෂි නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වන සතුන්ගෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් ද මේ වන විට පත්කර තිබේ.
260 Views
Comments