15 හැවිරිදි පාසල් දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු වසර 13කට පසුව කොටුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
29

15 හැවිරිදි පාසල් දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු වසර 13කට පසුව කොටුවෙයි

15 හැවිරිදි පාසල් දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු වසර 13කට පසුව කොටුවෙයි

15 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ලද සැකකරුවෙකු වසර 13කට පසු DNA සැසැඳිමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම සැකකරු ඊයේ (28) පලීගල ප්‍රදේශයේ දී ඇහැළියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

2009 වසරේ දී ඇහැලියගොඩ කොස්ගහමූකලාන ප්‍රදේශයේ දී නිවසට පැමිණෙමින් සිටි පාසල් දැරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් වසර 13කට පසුව මෙලෙස මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විටත් අවිස්සාවේල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බව පොලීසිය ප්‍රකාශ කරයි.

 

මෙලෙස අත්අඩංගුවට ගත් ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සැකකරු අද (29) අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

views

323 Views

Comments

arrow-up