SEP
29
කොළඹ වරාය නගරයෙන් ඇමරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක්

කොළඹ වරාය නගරයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
ඉදිරිපත් කරන අයදුම් පත්‍ර ඇගයීමට ලක්කිරීමෙන් පසු කොන්දේසි වලට අනුකූල නම් අදාළ මෙහෙයුම් බලපත්‍ර සඳහා අනුමැතිය ලබා දෙනු ලැබේ.
ආයෝජකයන් මහ බැංකුවේ නියාමනයන්ට අනුකූල විය යුතු බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම නිවේදනය කරයි.
296 Views
Comments