පාස්පෝට් හැදිල්ල 289%කින් වැඩි වෙයි

පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව ගුවන් බලපත්‍ර නිකුත් කිරීම 289% කින් ඉහළ ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 6ක කාලය තුළ දී නිකුත් කර ඇති ගුවන් බලපත්‍ර සංඛ්‍යාව 437 382ක් වන අතර ජනවාරි මාසය තුළ දී ගුවන් ගමන් බලපත්‍ර බලපත්‍ර 52,278ක්, පෙබරවාරි මාසයේදී 55,381ක්, මාර්තු මාසයේදී 74,890ක්, අප්‍රේල් මාසයේදී 53,151ක්, මැයි මාසයේදී 52,945ක්, ජුනි මාසයේදී 122,491ක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
නමුත් මෙම වසරේ මුල් මාස හය තුළදී නිකුත් කෙරෙන ගුවන් බලපත්‍ර සංඛ්‍යාව 382,506ක් වන අතර එය පෙර වසර සමග සැසඳීමේදී සියයට 14 ක ඉහළ යාමක්.
කෙසේ වෙතත් මෙරට ඉතිහාසය තුළ දී වැඩිම ගුවන් ගමන් බලපත සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ 2016 වසරේදී වන අතර එය 658,725ක්.
නමුත් මෙම වසරේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සංඛ්‍යාව හා වර්ධන ශීඝ්‍රතාවය සැලකිල්ලට ගැනීමේදී එය 2016 වසරේ නිකුත් කළ සංඛ්‍යාව ඉක්මවා යාමට වැඩි ඉඩක් පවතින බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ.
261 Views
Comments