ඉන්ධන අර්බුදය දත් වලට බලපෑ හැටි

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නිසි පරිදි සේවයට වාර්තා කිරීමට දන්ත වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට නොහැකි වීමෙන් කොළඹ ජාතික දන්ත වෛද්‍යායතනය ඇතුළු දිවයින පුරා පිහිටි සියලු රජයේ දන්ත රෝග සායනවල සිදු කෙරෙන සාමාන්‍ය දන්ත සැත්කම් හා ප්‍රතිකාර මේ වන විට නැවතී ඇති බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය විපුල වික්‍රමසිංහ පැවසුවේ මේවන විට රෝහල්වල දන්ත වෛද්‍ය සායනවල සිදු කෙරෙනුයේ හදිසි දන්ත සැත්කම් හා ප්‍රතිකාර සේවාවන් පමණක් බවයි.
345 Views
Comments