ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති අවසන් සහ තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන්ට කඩුලු 7ක සුපිරි ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
2ට 1ක් ලෙස තරගාවලියේ ජය ඉන්දීය කාන්තා කණ්ඩායම සතු වී තිබුණි .
ඊයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස්කරගැනීමට සමත්විය.හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුලත්ව නොදැවී ලකුණු 39ක් රැස්කරගැනීමට අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා ක්‍රිකට් නායිකා Harmanpreet Kaur සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, අමා කාංචනා, ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ල්ංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පන්දුවාර 17කදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 141ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කළේය.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී හතරේ පහර 14ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 80ක අගනා ඉනිමක් ක්‍රීඩා කලාය.නිලක්ෂි ද සිල්වා හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 30ක් රැස්කර ගැනීමට සමත් විය.
තරගයේ ක්‍රීඩිකාව සම්මානය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම් නායිකාව චමරි අතපත්තු හිමිකරගැනීමට සමත්විය.
216 Views
Comments