රනිල් ආණ්ඩුවෙන් එළියට, තව සති තුනකින් නව අගමැතිවරයෙක් සමඟ සර්ව පාක්ෂික ආණ්ඩුවක්

ලබන මස 20 වනවිට නව අගමැතිවරයෙක් යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව මේවන විට දේශපාලන පක්ෂ කිහිපයක් සාකච්ඡා ආරම්භ කර ඇත.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමක්, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ආණ්ඩුවේ සිටින ස්වාධීන පක්ෂ අතර මෙම සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරයට ධම්මික පෙරේරා, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස යන අයගේ නම් මේ වනවිට යෝජනා වී ඇති බවත් ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.
අගමැති ධූරය සඳහා එසේ නම් යෝජනා වී තිබුණද ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය ප්‍රධාන දේශපාලන පක්ෂ කීපයක මතය වී ඇත්තේ අගමැතිවරයා හා ජනාධිපතිවරයාද ඉවත් වී සර්ව පාක්ෂිකව සකස් කරගන්නා නව වැඩපිළිවෙළක් යටතේ නිශ්චිත වූ කාල සීමාවක් සඳහා රට ඉදිරියට ගෙන යෑම යැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.
රට මුහුණ පා සිටින අර්බුදකාරී තත්ත්වය හමුවේ මැතිවරණයකට යෑමට නොහැකි බැවින් සියලු පාර්ශවයන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගැනීම නව වැඩපිළිවෙළේ අරමුණ වී ඇත.
දේශපාලන ස්ථාවරත්වයක් ඇති කර කඩිනමින් විදේශ ණය හා ආධාර ලබාගෙන ඉතාම කෙටි කාලයක් තුළ රටේ ස්ථාවරත්වයක් ඇති කරගෙන මැතිවරණයකට යා යුතු බවත් නව ආණ්ඩුව පිහිටුවීමට මුල් වී ඇති දේශපාලන පක්ෂවල අරමුණක් වී ඇතැයි ඉහත ආරංචි මාර්ග තවදුරටත් කියයි.
උපුටා ගැනීම : ලංකාසර
327 Views
Comments