ජනපති හදිසියේ පාර්ලිමේන්තුවට පැමිනෙයි - මන්ත්‍රීවරුන් ගෝ හෝම් ගෝඨා කියමින් විරෝධය පාති

අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පූර්ව දැනුම් දීමකින් තොරව පාර්ලිමේන්තු සැසිවාරය සඳහා හදිසියේ පැමිණ තිබේ.
පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අසළ අසුන්ගෙන සිටිය අතර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද කලකට පසු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
අග්‍රාමාත්‍යවරයා විසින් රට ඇද වැටී තිබෙන තත්ත්වයට රජයේ විසඳුම් ආදිය පිලිබදව ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිටියදී එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) කියමින් ත්ම විරෝධය පල කලහ.
මේ දෙස ජනාධිපතිවරයා සිනා මුසු මුහුණින් බලා සිටිනු ද දක්නට ලබුණු අතර මෙම විරොධතාවය නිසා පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමට කතානායකවරයා තීරණය කලේය.
විනාඩි 10කට පසු පාර්ලිමේන්තුව නැවත රැස් වූ අතර ඒ වන විට ජනාධිපතිවරයා සභා ගර්භයේ සිටියේ නැත.
291 Views
Comments