“කිසි දේකට බය වෙන්න එපා... යළි මම දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

“කිසි දේකට බය වෙන්න එපා... යළි මම දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද කියයි

“කිසි දේකට බය වෙන්න එපා... යළි මම දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද කියයි

බිහිසුණු ලෙස රෝගාතුර වී  දැඩි සත්කාර ඒකකයේ පසුවන බවට වාර්තා පලවූ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ(04) අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වෙමින් පැවසුවේය. 

 

ජනධිපති ගෝඨාභයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැතිවුණි.

 

මැයි මස 09 වැනිදා රටේ ඇතිවූ කළහකාරී සිද්ධියෙන් පසුව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී දේශපාලන කටයුතු වලින් ඈත් වී සිටියද යළි දේශපාලන කටයුතු ආරමභ කළ බව ඔහු ඊයේ(04) පැවසුවේය.

 

ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට පැමිණි මහින්ද රාජපක්ෂ දුටු පොහොට්ටු මන්ත්‍රීවරු පිරිසක් ඔහුගේ සුවදුක් විමසා බැලු‍වේ පසුගිය දා හිටපු අගමැතිවරයා රෝහල්ගතව ඇති බවට වූ ප්‍රවෘත්ති පිළිබඳව ද යළි සිහිපත් කරමිනි.

 

“ඔය ප්‍රවෘත්ති මමත් ගෙදර ඉඳගෙන බැලු‍වා. ඕවා අමූලික බොරු. මම හොඳින් ඉන්නවා. වෙනදා මෙන් යළි දේශපාලන කටයුතු ආරම්භ කරනවා. බය නැතිව ඉන්න“ යැයි මහින්ද රාජපක්ෂ පවසා ඇත.

views

313 Views

Comments

arrow-up