“අපිට විශාල ශබ්දයක් ඇහුනා” - දියතලාවෙත් ගෑස් පුපුරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
30

“අපිට විශාල ශබ්දයක් ඇහුනා” - දියතලාවෙත් ගෑස් පුපුරයි

“අපිට විශාල ශබ්දයක් ඇහුනා” - දියතලාවෙත් ගෑස් පුපුරයි

දියතලාව, දොඩම්වත්ත ප්‍රදේශයේ නිවසක අද(30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇති බව දියතලාව පොලිසිය පවසයි.

 

මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කලේය. 

 

ගෑස් ලිප පුපුරන අවස්ථාවේදී නිවසේ සිටි පුද්ගලයෙකු මෙලෙස කීවේය.

 

“ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ.

මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා.

මම කාමරයේ හිටියේ. කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා.

මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත්  වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වෙලා තිබුණා.”

views

950 Views

Comments

arrow-up