JUL
29
වෙළඳ නාවික ලේකම් කාර්යාලය සිකුරාදා දිනවල දී වසා දැමේ

වෙළඳ නාවික ලේකම් කාර්යාලය මහජන සේවාවන් සඳහා සිකුරාදා දිනවල දී විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි.
රට තුළ වර්තමානයේ පවතින ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව සහ පොදු ප්‍රවාහන සේවාවන් සීමාසහිත වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව සිකුරාදා දිනවල දී සේවාලාභීන්හට මාර්ගගත ක්‍රමයට අවශ්‍ය සේවාවන් ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
265 Views
Comments