හෙට පෞද්ගලික බස් වර්ජනය ගැන අවසන් තීරණය අද සාකච්ඡාවෙන් පසු
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
08

හෙට පෞද්ගලික බස් වර්ජනය ගැන අවසන් තීරණය අද සාකච්ඡාවෙන් පසු

හෙට පෞද්ගලික බස් වර්ජනය ගැන අවසන් තීරණය අද සාකච්ඡාවෙන් පසු

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය එකතුව හෙට දිනයේ පෞද්ගලික බස් රථ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

ඒ සම්බන්ධයෙන් අද දිනයේ පවත්වන සාකච්ඡාවලින් අනතුරුව අවසන් එකඟතාවට පැමිණෙන බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ.

 

මුදල් අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියා.

 

"පළාත් සභාවල ගැටලු කිහිපයක් තියෙනවා.

බස්නාහිරි පළාත ඇතුළ තවත් පළාත් කිහිපයක ලොග් බලපත්‍ර නොවැම්බර්, දෙසැම්බර් ඉවත්කරන්න ඔවුන් තවමත් කටයුතු කළේ නැහැ.

ඒ වාගේම අපි යොජනා කරලා තිබුණා. බස් රථ ප්‍රතිව්‍යුහගත කරන්න අලුත් ස්ථානයක් කළමණාකරණය කරන්න.

ඉතින් ඒවාගේ ඉල්ලීම් කිහිපයක් තියෙනවා. "

 

අද දිනයේ සාකච්ඡා බොහෝ විට සාර්ථක වනු ඇති බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

views

683 Views

Comments

arrow-up