මෙවර නිදහස් දින සැමරුම නැරඹීමට පැමිණීමට ජනතාවට අවසර නැහැ

කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වෙන 73 වන ජාතික නිදහස් දින සැමරුම පැමිණ නැරබීමට මහජනතාවට අවසර හිමි නොවන බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා
ජාතික නිදහස් දින සැමරුමට අදාළ ආචාර පෙළපාලියට සහභාගී වන සියලු භට පිරිස් PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
අදාල පරීක්ෂණ වාර්තා නිරවුල්ව පැවතියහොත් පමණක් එම භට පිරිස් ආරක්ෂක පෙළපාලියට සම්බන්ධ කර ගන්නා බවයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේ.
ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර නිවසේ සිට නිදහස් දින සැමරුම නැරඹීමට කටයුතු කරන ලෙසයි
767 Views
Comments