ඊයේ දින තැන තැන හදුනාගත් ආසදිතය්න්ගේ තොරතුරු

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 864 දෙනෙකු හඳුනා ගත් අතර , ඉන් 837 දෙනෙකු දේශීයව ද සෙසු 27 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 64,157ක් දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊයේ දිනයේදී ද වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 362ක් වනවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 81ක් දෙනෙකු ලෙස ආසාදිතයින් හදුනාගෙන තිබෙනවා
කළුතර 66
රත්නපුර 45
කුරුණෑගල 39
මාතලේ 33
නුවරඑළිය 28
මාතර 14
ගාල්ල 14
අනුරාධපුර 14
මන්නාරම 12
කෑගල්ල 12
අම්පාර 11
බදුල්ල 04
පොළොන්නරුව 04
යාපනය 03
ත්‍රිකුණාමලය 02
හම්බන්තොට 02
පුත්තලම 01
මඩකලපුව 01
මොණරාගල 01
ඊයේ දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් ආසාදිතයින් වාර්තා වී ඇති අතර මුලතිව්, කිලිනොච්චිය සහ වව්නියාවෙන් පමණක් ආසාදිතයින් වාර්තා වී නොමැත.
757 Views
Comments