විපක්ෂ නායකගේ කණට ගැසූ මිහින්තලේ මන්ත්‍රීට ලැබුණු දඬුවම

මිහින්තලේ ප්‍රාදේශීය ස්වභාවය විපක්ෂ නායකවරයාට පහරදීමේ සිද්ධියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඉන්දික රුක්මන් ඇප මත මුදාහැර තිබෙනවා.
පසුගියදා 09 වෙනිදා මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ සභා වාරයක් අතරතුර කලහාකාරි ලෙස හැසිරුණු එක්සත් ජාතික පක්ෂයේ ඉන්දික රුක්මන් මන්ත්‍රීවරයා විපක්ෂ නායක එම් බදූර් මන්ත්‍රීවරයාට කනට පහරක් දුන් බවට චෝදනාව එල්ල වී තිබුණා.
චෝදනා ලැබූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එම චෝදනාවෙන් නිවැරදිකරු වන බවයි.
ඒ අනුව සැකකාර මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක සමරසිංහ මහතා නියෝග කර සිටියා.
චෝදනා ලැබූ මන්ත්‍රීවරයාට ලබන ජූනි මස 23 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද තවදුරටත් නියෝග කර තිබෙනවා.
577 Views
Comments