පානදුරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

පානදුරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පානදුරයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පානදුර පල්ලිමුල්ල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

ත්‍රීරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයින් පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

වෙඩි තැබීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලැබූ අතර පානදුර මූලික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවීම සිදු කරනවා.

 

 

 

views

551 Views

Comments

arrow-up