නාකොටික් නඩුවේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට - 14 වන සැකකරුට ඉන්ටපෝල් රතු වරෙන්තුවක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සබඳතා පැවැත්වූ බවට වන නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එම සිද්ධියේ දාහතර වන සැකකරු වන උදාර සම්පත් යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
අද දිනයේ දී නීතිපති වෙනුවෙන් අධිකරණයට කරුණු දෙක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ එම සැකකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් මේ වන විට ශ්‍රී ලංකාවෙන් පලාගොස් ඇති බවයි.
ඒ පිළිබඳව සලකා බැලූ ළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිර් මහතා සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සම්පත් උදාර යන අයට මෙම රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස නියම කළා.
අත්අඩංගුවට ගෙන සිටින අනෙක් සැකකරුවන් 16 දෙනා ලබන පෙබරවාරි දෙවන දා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
එමෙන්ම සිද්ධියේ 16වන සහ 17 වන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියම කර සිටියා.
602 Views
Comments