JAN
25
නැගෙනහිර පර්යන්තය යෝජනා අධ්‍යයනය කමිටුව රැස්වේ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා අධ්‍යයනය කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද 5වන දිනටත් රැස්වේ.
වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව එහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බව වරාය අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා පවසනවා
ඊට අමතරව ජපානය සහ ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම්වල අන්තර්ගත යෝජනා ද කමිටුවේ දීර්ඝ නිරීක්ෂණයකට ලක් කෙරෙන බව, ඔහු සඳහන් කළේය.
ඉන් අනතුරුව ඒ පිළිබඳ වාර්තාව භාර දීමට නියමිතය.
596 Views
Comments