පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට සූදානමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
18

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට සූදානමක්

පාසල් අධ්‍යාපනය වසරකින් අඩු කිරීමට සූදානමක්

වසර 13ක් වන පාසල් අධ්‍යා­ප­නය වසර 12 දක්වා අඩු කිරී­මට සැල­සුම් සකස් කර­මින් පව­තින බව අධ්‍යා­පන ලේකම් මහා­චාර්ය කපිල සී. පෙරේරා මහතා පවසනවා

 

අපොස සාමාන්‍ය පෙළ විභා­ගය පවත්වා මාස ගණ­නා­වක් එහි ප්‍රති­ඵල ලැබෙන තුරු බලා සිටී­මට සිදු­වී­මෙන් සිසු දරු දැරි­යන්ට උසස් පෙළට පෙනී සිටී­මට පමාවීමත් උසස් පෙළ ප්‍රති­ඵල ලැබෙන තුරු තවත් මාස ගණ­නා­වක් බලා සිටි­න්නට සිදු­වී­මත් යන කරුණු කෙරෙහි අව­ධා­නය යොමු කර මෙසේ පාසල් කාලය වසර 12ක් දක්වා අඩු කිරී­මට සැල­සුම් කර ඇතැයි ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කෙළේය.

 

ඒ අනුව අපොස සාමාන්‍ය පෙළ විභා­ගය 10 වස­රේදී පැවැ­ත්වී­ම­ටත් විභා­ගය පවත්වා මසක් ඇතු­ළත ප්‍රති­ඵල ලබා­දීමේ කඩි­නම් සැලැ­ස්මක් ඇති කරන බවත් උසස් පෙළ විභා­ගය 11,12 වස­රේදී පවත්වා එහි ප්‍රති­ඵ­ලත් මසක් ඇතු­ළත ලබා­දී­මෙන් සිසුන්ට අඛණ්ඩ අධ්‍යා­ප­න­යක් තුළින් උසස් අධ්‍යා­ප­න­යට හෝ වෘත්තීය අධ්‍යා­ප­නය කෙරෙහි යොමු­වී­මට හැකි වන බව අධ්‍යා­පන ලේක­ම්ව­රයා අනා­ව­ර­ණය කරයි.

 

views

2087 Views

Comments

arrow-up