ඇමති වාසුදේවටත් කොරෝනා - පාර්ලිමේන්තු පොකුරක් නිර්මාණය වන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
11

ඇමති වාසුදේවටත් කොරෝනා - පාර්ලිමේන්තු පොකුරක් නිර්මාණය වන ලකුණු

ඇමති වාසුදේවටත් කොරෝනා - පාර්ලිමේන්තු පොකුරක් නිර්මාණය වන ලකුණු

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

 

ඔහු ද පසුගිය දින කිහිපයේ දී පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි වී ඇති අතර සීසීටීවී දර්ශන ඔස්සේ ඔහුගේ ආශ්‍රිතයින් හදුනා ගනිමින් සිටිනවා.

 

වාසුදේව අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද වෛරසය වැළඳී තිබෙනවා.

 

ඒ සමඟ මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුට වෛරසය ආසාදිතයි.

 

ඊයේ දිනයේදී මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුෆ් හකීම් මහතාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරුණා.

 

එසේම පසුගිය 8වනදා ජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වෛරස ආසාදනය වී තිබුණා.

 

 

 

views

651 Views

Comments

arrow-up