පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට භාරදෙයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේ දී භාර දී තිබෙනවා
2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.
වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.
657 Views
Comments