දියේ ගිලී 16 හැවිරිදි සිසුවියක් මිය යෑම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

දියේ ගිලී 16 හැවිරිදි සිසුවියක් මිය යෑම සම්බන්ධයෙන් ගුරුවරියක් අත්අඩංගුවට

දියේ  ගිලී 16 හැවිරිදි සිසුවියක් මිය යෑම  සම්බන්ධයෙන්  ගුරුවරියක් අත්අඩංගුවට

පෙරේදා දිනයේ දී බලංගොඩ, කල්තොට බටකොළ ප්‍රදේශයේදී වලවේ ගඟේ දිය නාමින් සිටි 16 හැවිරිදි සිසුවියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් එම පාසලේ භාහිර ක්‍රියාකාරකම් භාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

 

අදාළ ගුරුවරිය විදුහල්පතිවරයාගේ හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ කිසිදු අවසරයකින් තොරව එම දරුවන් රැගෙන ගොස් ඇති බව මේ සම්බන්ධයෙන් කල්තොට පොලීසිය විසින් සිදු කළ විමර්ෂනයේ දී අනවරණය වී ඇති බවත් නොසැලකිලිමත් ක්‍රියාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අදාළ ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

 

එම විද්‍යාලයේ ළමුන් 15 දෙනෙක් සමග පෙරේදා දිනයේ දී වලවේ ගඟේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී 16 හැවිරිදි දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

 

අද (01) දිනයේ දී ඇය බලන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්තොට පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

views

909 Views

Comments

arrow-up