නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරියට - කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට

මෙරට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනය කිරීමට ඉඩ නොදෙන බවත් එය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ආයතනයක් ලෙස පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විෂය භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු එහි අඩංගු කරුණු විදේශීය සමාගමට ඉදිරිපත් කිරීමේදී එකී කරුණු වලට සමාගම එකඟ නොවූ නිසා නැගෙනහිර පර්යන්තය 100% ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය අන්සතු කරන්නේ නැහැ...!
කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ අයිතිය හා පාලනය විදේශ රටකට ලබා දීමට රජය කටයුතු කරන බව පවසමින් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විරෝධතා ව්‍යාපාරයක් අරඹා ඇත.
එය අකුරට වැඩ කිරීමේ තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබෙන පසුබිමක මම ඊයේ (31) දිනයේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයතනයකට ලබා නොදෙන බව ප්‍රකාශයට කළෙමි.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව හා මා අතර පැවැත්විණි.
දේශීය සම්පත් විකුණා නොදැමීම වර්තමාන රජයේ ප්‍රධානතම ප්‍රතිපත්තියක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට විකිණීමට හෝ පාලනයට භාර දීමට කටයුතු නොකරන බවත් මම එහි දී අවධාරණය කළෙමි.
එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යන බව ද ප්‍රකාශ කළෙමි.
විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා විදේශීය සමාගම එකඟ නොවූ බවත් පෙන්වා දුන් මම නැගෙනහිර පර්යන්තය 100% වරාය ආධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව අද (01) පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද අනාවරණය කළෙමි.
එම තීන්දුවට නැගෙනහිර පර්යන්තය සුරැකීමෙ වෘත්තීය සමිති එකමුතුව එකඟ විය. ඒ අනුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ය හෙට දිනයේ සිට අත්හිටුවීමට ද වෘත්තීය සමිති එකමුතුව මෙහිදී එකඟ විය.
මෙම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නායකයින් ඉල්ලා සිටියේ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු නොකරන බවට ලිඛිත ලියවිල්ලක් ලබා දෙන ලෙසයි.
එහි දී මා ප්‍රකාශ කළේ මගේ වසර 50 ක දේශපාලන ඉතිහාසයේ වෘත්තීය සමිති විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග අපමණ ප්‍රමාණයක් විසඳා ඇති අතර එම කිසි දිනෙක තමන් ඒවා ලිඛිතව ලබා දී නොමැති බවත් තමන් යමක් ප්‍රකාශ කළොත් එය ඒ අයුරින්ම ඉටු කරන බවත් ය.
අගමැතිවරයා ලෙස මා පවත්වන රැස්වීම්වල දී ගන්නා තීන්දු තීරණ එලෙස ම ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැදී සිටින බවත් මා ගන්නා තීරණ සාකච්ඡාවලට පමණක් සීමා නොවී ක්‍රියාවට නංවන බවත් එහි දී ප්‍රකාශ කළෙමි.
මෙම අවස්ථාව සඳහා අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, වරාය හා නාවුක අමාත්‍යංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල්, ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක, අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සුමිත් විජේසිංහ හා වරාය වෘත්තීය සමිති 23 නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයෝ පිරිසක් එක්ව සිටියහ.
අගමැති මහින්ද රාජපක්ෂ 2021.02.01
795 Views
Comments