රෝහලේ සේවය කරමින් මත් කරල් වික්ක දොස්තරට වැඩ වරදී

පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී රෝගීන්ට ප්‍රතිකාර කරන මුවාවෙන් හඳුනානොගත් මත්කරල් විකුණූ බව කියන වෛද්‍යවරයෙක් පෙරේදා(30) රාත්‍රීයේ පානදුර උතුර පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වෛද්‍යවරයකුය.
පානදුර ප්‍රදේශයේ දරුවන්ගේ මව්පිය වරුන් සහ විහාරාධිපති හිමිවරුන් විසින් කරන ලද පැමිණිලි වලට අනුව මසකට අධික කාලයක් ආවේක්ෂණ රාජකාරි සිදුකිරීමෙන් පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂකාර්ය බළකා නිලධාරීන් පිරිසක්ද සමගින් මෙම වැටලීම කර තිබේ.
පානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ ඔහු විසින් පවත්වාගෙන යන වෛද්‍ය මධ්‍යස්ථානයකදී වැටලීම සිදුකර හඳුනානොගත් මත් කරල් සහ මත් පෙති විසිදහස් තිස්පහක් පොලිස් භාරයට ගෙන තිබේ.
එක් මත් කරලක් රුපියල් දෙසීයක මුදලකට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් භාරයට ගෙන ඇති මත් කරල් වල මුළු වටිනාකම රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න බවද පොලිසිය පැවසීය.
සැකකාර වෛද්‍යවරයා පානදුර මූලික රෝහලේ සේවය කරන බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇති අතර ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
784 Views
Comments