ගැසට්ටුව නිසා දැඩි බිත්තර හිගයක් එයිලු

රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව රතු බිත්තරයක් රුපියල් 45ක සහ සුදු බිත්තරයක් රුපියල් 43ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහග කල සාකච්චාවකින් පසු සමස්ත ලංකා බිත්තර නිෂ්පාදනකයන්ගේ සංගමය සඳහන් කරන ලද්දේ සදුදා සිට බිත්තරයක් රුපියල් පහකින් මිල අඩු කරන බවයි.
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 55කටත් රතු බිත්තරයක් රුපියල් 56කටක් අලෙවි කිරීමට කටයුතු කරන බව ඔවුන් පැවසූහ.
නමුත් රජයේ පාලන මිල සම්බන්ධයෙන් බිත්තර ව්‍යාපාරිකයන් කියා සිටින්නේ මෙම මිලට තම නිෂ්පාදන වියදමවත් ආවරණය කරගත නොහැකි බවයි.
මෙම තත්වය මත කර්මාන්ත අතහැර දැමීම හැර විකල්පයක් නොමැති බවත් එනිසා බිත්තර හිගයක් වෙළඳපොල තුළ විශාල ලෙස නිර්මාණය වනු ඇති බවද ඔවුහු කියා සිටිති.
මේ වන විට වෙළෙඳ පොළේ බිත්තරයක් අලෙවි වන්නේ රුපියල් 65ක් පමණ සීමාවේය.
225 Views
Comments