ඉන්ධන බවුසරයක් ගුවන් පාලමෙන් පහළට පෙරළෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

ඉන්ධන බවුසරයක් ගුවන් පාලමෙන් පහළට පෙරළෙයි

ඉන්ධන බවුසරයක් ගුවන් පාලමෙන් පහළට පෙරළෙයි

අද (13) අලුයම 2.00ට පමණ කැලණිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගුවන් පාලම මතින් ගමන් කරමින් තිබූ ඉන්ධන බවුසරයක් එම මාර්ගයෙන් පහල මාර්ගයට පෙරළී තිබේ.

 

බවුසර් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

 

පොලීසිය පැවසුවේ පෙරලූ බවුසරයේ තිබූ ඉන්ධන තොගය වෙනත් බවුසර් රථයකට මාරු කිරීමට පියවර ගත් බවයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ බවුසර් රථයේ රියැදුරු පමණක් ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

 

පෑලියගොඩ පොලිසිය මගින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

views

266 Views

Comments

arrow-up