ගෝඨාභය රාජපක්ෂ තවත් සති දෙකක් සිංගප්පූරුවේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති 2ක පමණ කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය ජූලි 14 වැනිදා මාලදිවයිනේ සිට සිංගප්පූරුව වෙත පැමිණියා අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට දින 14ක සංචාරක බලපත්‍රයක් නිකුත් කර තිබුණි.
එමගින් සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට ඔහුට අවසර හිමිවූ අතර පසුව එම කාලය තවත් දීර්ඝ කරන ලදී.
ඒ අනුව සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයාගේ වීසා කාලය අගෝස්තු 11 වැනි දායින් පසු අවසන් වීමට නියමිතය.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට තවත් සති දෙකක් සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දෙන ලෙස ශ්‍රී ලංකා රජය සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් කාලයක් සිංගප්පූරුවේ රැඳී සිටින බවට වාර්තාවේ.
248 Views
Comments