ජපාන අගමැතිගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභ පැතුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
06

ජපාන අගමැතිගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභ පැතුම්

ජපාන අගමැතිගෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුභ පැතුම්

ජපාන අග්‍රාමාත්‍යවරයා ෆුමියෝ කිෂිඩා මෙරට ජනාධිපති රනිල්ගේ වික්‍රමසිංහ මහතාට සිය සුබ පැතුම් එක්කර තිබේ.

 

ජපාන අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජපාන ජනතාවගේ රජයේත් සුභාශිංසන පිරිනමන අතර ලංකාවේ ආර්ථික, සමාජ දියුණුව වෙනුවෙන් දීර්ඝ කාලයක් කැප වී සිටින රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වීම සතුටට හේතු වූ බවයි.

 

එසේම ජපාන අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිබඳ විශ්වාස කරන බවයි.

 

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද එම පණිවිඩයේ වැඩිදුරටත් දැක්වේ.

 

දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට වසර 70ක් පිරෙන බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර ඇත.

 

ජපාන ශ්‍රී ලංකා සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම නිදහස් සහ විවෘත ඉන්දු පැසිපික් කලාපයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් පසුවන බවද එහි වැඩිදුරටත් දක්වා ඇත.

 

views

278 Views

Comments

arrow-up