ඇමරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ඇමරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

ඇමරිකානු තානාපතිනිය සහ අගමැති අතර හමුවක්

ඊයේ (28) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් පැවතී ඇත.

 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජූලි චන්ග් මහත්මිය පවසා තිබුණේ රටේ පවතින ආර්ථික අභියෝග ජයගැනීමට ඇමරිකාව විසින් සහය ලබාදිය හැකි ක්‍රම පිලිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි.

 

තවද ශ්‍රී ලංකාව යුක්තිය සහ නීතියේ ආධිපත්‍යයට ප්‍රවේශ වීම ගැනද මෙහිදී අවධානය යොමු වී ඇත. 

 

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා සහ ඒ සම්බන්ධ ක්‍රියාවලි පිලිබඳව ද අදහස් හුවමාරු වී තිබේ.

 

views

219 Views

Comments

arrow-up