JUN
28
සඟවා තැබූ ලක්ෂ පහක තෙල් ඇල්ලූ මෙහෙයුම

මාරවිල, තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වටලා එහි ගබඩා කර තිබු ඩිසල් ලිටර් 900ක් සොයා ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ ඩීසල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට ආසන්න බව පොලිසිය කියයි.
මාරවිල, බටහිර තුම්මෝදර ප්‍රදේශයේ වැලි එක්රැස්කොට අලෙවි කිරීමේ ස්ථානයක සඟවා තිබියදී මෙම ඩීසල් තොගය පොලීසිය විසින් සොයාගෙන ඇත.
246 Views
Comments