ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උච්චතම අවස්ථාවට පැමිණ ඇති බැවින් සතියකට වැඩි කාලයක් තම ගුවන් ගමන් කාලසටහන සුදුසු ගැලපීම් සහිතව කළමනාකරණය කර ගැනීමට හැකිවී තිබෙන බව ශ්‍රී ලංකා ගුවන් සේවය දන්වා තිබෙනවා.
මෙම තීරණාත්මක අවස්ථාවේදී නියමිත ගුවන් ගමන් මෙහෙයුම් අවම බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බවද ගුවන් සමාගම සිය පාරිභෝගිකයන් වෙත දන්වා සිටිනවා.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා ළඟම ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලය අමතන ලෙසට හෝ www.srilanka.com වෙත පිවිසෙන ලෙසට දැනුම් දී තිබෙනවා.
229 Views
Comments