ධීවරයන්ට දැනුම්දීමක්

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ ධීවර හා නාවික කටයුතු වලි නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබෙනවා.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනය බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වල විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි අතර මුහුදු රළ මීටර් 2.5ක් 3ක් පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බවද ඔවුන් තවදුරටත් දන්වා සිටිනවා.
මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියේ.
247 Views
Comments