ලාෆ් ගෑස් බෙදාහැරීමේ කටයුතු පුළුල් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

ලාෆ් ගෑස් බෙදාහැරීමේ කටයුතු පුළුල් කෙරේ

ලාෆ් ගෑස් බෙදාහැරීමේ කටයුතු පුළුල් කෙරේ

ලාෆ් ගෑස් සිලින්ඩර බෙදාහරීමේ මෙහෙයුම් කටයුතු පුළුල් කරන බව ලාෆ් සමාගම පවසා සිටිනවා.

 

මෙරටට ආනයනය කළ ගෑස් මේ වන විට සිය පිරවුම් පර්‍යන්තයන්හි පිරවීමේ ක්‍රියාවලියට ලක් වෙමින් පවතින බවත් එලෙස පිරවූ ගෑස් සිලින්ඩර විශාල වශයෙන් දෛනිකව ගෘහස්ත වෙළඳපොල වෙත බෙදාහැරීමේ නියෝජිවරුන් මෙන්ම අලෙවි නියෝජිතවරුන් හරහා නිකුත් කරමින් සිටින බවත් ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

 

එසේම කූඨ ව්‍යාපාරිකයන් විසින් උපරිම සිල්ලර මිල ට වඩා ගෑස් අලෙවි කරන බවට වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධ තොරතුරු ලාෆ් ගෑස් පාරිභෝගික සේවා අංශය අමතා දැනුවත් කරන ලෙසද එම සමාගම තවදුරටත් දන්වා සිටිනවා.

views

234 Views

Comments

arrow-up