අලි මිනිස් ගැටුම අවම කරන්න වනජීවී ඇමති කරන්න යනදේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

අලි මිනිස් ගැටුම අවම කරන්න වනජීවී ඇමති කරන්න යනදේ

අලි මිනිස් ගැටුම අවම කරන්න වනජීවී ඇමති කරන්න යනදේ

ඉදිරි වසර දෙක තුළ අලි මිනිස් ගැටුම අවම කිරීමට පියවර ගන්නා බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

 

එමෙන්ම වනසතුන්ගෙන් වන හානිය ද අවම කිරීමට ද කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

 

අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ද මෙලෙස කරුණු දැක්වුවා. 

 

මෙම වසරේ පළමු මාස 11 තුළ අලි - මිනිස් ගැටුම හේතුවෙන් වන අලි මරණ 395ක් හා පුද්ගල මරණ 127ක් සිදුවී ඇති බවයි වනජීවි හා වනසම්පත් සංරක්ෂණ  අමාත්‍යාංශය පැවසුවේ.

 

2021 වසරේ වන අලි මරණ 344ක් හා පුද්ගල මරණ 133ක් වාර්තා වී තිබුණා.

 

මෙරට පිහිටි අලිමංකඩ 16 ම මිනිස් ක්‍රියාකාරකම් නිසා අවහිර වීම අලි - මිනිස් ගැටුම ඉහලයාමට ප්‍රධාන හේතුව වනවා.

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ක් ඇති අතර එම අලිමංකඩ 05 ම අවහිරවීම නිසා එම දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුම ඉහල ගොස් ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

views

207 Views

Comments

arrow-up