දිවයින පුරා මාර්ග වල කළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 8957 කට වැඩ වරදී

පසුගිය මාර්තු 31 වන දා සිට අප්‍රේල් 01 වැනිදා දක්වා මාර්ගයේ කරන ලද මෙහෙයුම් වල දී පුද්ගලයින් 8957 දෙනෙකු විවිධ වැරදි සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
එමෙන්ම යතුරුපැදි 295 ක් පොලිස් බාරයට ගෙන ඇති බවත්, එම යතුරු පැදි ධාවනය සඳහා නුසුදුසු තත්වයේ තිබූ ඒවා බවත් ඔහු සඳහන් කරනවා.
මීට අමතරව බීමතින් යතුරුපැදිය ධාවනය කළ 264 දෙනෙකුත්, අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකුත්, අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයින් 80 දෙනෙකුත් ආරක්ෂිත හිස් වැසුම් නොමැතිව ධාවනය කළ 1298 දෙනෙකුත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.
තවද මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2002 ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 4105 දෙනෙක් ද, බලපත්‍ර වල වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 875 දෙනෙකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයින් 248 දෙනෙකුට එක් යතුරුපැදියක දෙදෙනෙකුට වඩා ගමන් කිරීමේ චෝදනාව යටතේ නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම මෙහෙයුම පසුගිය 31 වනදා සිට අද දිනය දක්වා සමස්ථ දිවයිනම ආාවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
829 Views
Comments