යතුරුපැදිකරුවෙකුට දිවි අහිමිකල රියඅනතුර නිසා මිනුවන්ගොඩ උණුසුම්වෙයි

මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් නිසා අද උණුසුම් තත්වක් ඇති වුණා.
මෙලෙස අනතුර සිදුව ඇත්තේ විදේශගතව සිට පැමිණෙන පිරිස් නිරෝධායන මධ්‍යස්ථානවෙත රැගෙන යන බස් රථයක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙනුයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම බස්රථවල බලපත්‍රද කල් ඉකුත් වී ඇති බවයි.
කෙසේ වෙතත් තත්වය පාලනය කිරීමට විශේෂ කාර්්‍ය බලකායද අනතුර සිදුවූ ස්ථානයට ගෙන්වීමට සිදුව තිබුණා.
2043 Views
Comments