සූවස් ඇළේ නැව සිර උවත් ඉන්ධන සැපයීමට බාධාවක් නෑ. කලබල වී ඉන්ධන තොග මිලදී ගන්න එපා !

ගෝලීය ආර්ථිකයට බලපෑම් කරමින් සූවස් ඇළෙහි ගමන්ගත් දැවැන්ත ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ Ever Given නෞකාව සිරවී අදට දින 5 කට ආසන්න කාලයක් ගත වනවා.
මේ හේතුවෙන් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ කටයුතු අඩාල වී පවතින අතර සූවස් ඇළ දෙපස දැවැන්ත ප්‍රමාණයේ ඉන්ධන ප්‍රවාහන නෞකා කිහිපයක් මේ වන විට සිර වී පවතී. මේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල පෙරට වඩා වැඩි වී තිබේ.
මේ හේතුවෙන් ඉන්ධන නොමැති වේ යැයි බොහෝ දෙනා අතර මතයක් ගොඩ නැගී තිබෙන අයුරුද දක්නට ලැබෙනවා.
මේ අතර යම් ආකාරයකින් ඉන්ධන නොමැති වේ යැයි සිතා කලබල වී ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබා නොගන්නා ලෙස ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනතාවට දැනුම් දෙනවා.
ඉදිරි දින 14 ක කාලය සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ඇති බවත් පැවසූ අමාත්‍යවරයා යම් ආකාරයකින් ජනතාව ඉන්ධන තොග වශයෙන් මිලදී ගැනීමට ගොස් කෘතිම ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩ තිබෙන බව පැවැසුවා.
මේ නිසා එසේ නොකරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාව තුළ විශාල ප්‍රමාණයෙන් තෙල් ගබඩා කර තබා ගැනීමට තරම් මුදල් නොමැති නිසා සීමිත ඉන්ධන තොගයක් පමණක් මෙරට පවත්වා ගන්නා බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෞදි අරාබිය කුවේට් සහ ඕමාන් යන රටවල් වලින් ඉදිරියේ දී ඉන්ධන ලබා ගන්නා නිසා සූවස් ඇළෙහි අර්බුදය ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් කෙරෙහි බලපෑමක් නොදක්වන බවත් ඒ හේතුවෙන් ලංකාවේ ඉන්ධන මිල ඉහළ නොදමන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
841 Views
Comments