ප්‍රබල ඇමතිගේ කසිප්පුකාරයෝ 28ට යට නොවූ එරික් පෙරේරාගේ වීරක්‍රියා

රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බලපෑම මත වෙන්නප්පුවේ සිට කොළඹ අපරාධ කොට්ඨාසයට වහාම ස්ථාන මාරු කළ සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා නැවත් මීගමුව වෙත එවා තිබෙනවා.
සතියක් ඇතුළතදී ඔහුට ලැබුණු මෙය දෙවැනි ස්ථාන මාරුවද වනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ඇති වූ කතාබහ සේම වෙන්නප්පුවේ ජනතාව ආගමික නායකයින් එක්ව හඬක් නැගීම හේතුවෙන් මෙම ස්ථාන මාරුව අහෝසි කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා.
ප්‍රදේශයේ මහා පරිමණයෙන් සිදු කළ කසිප්පු ජාවාරම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම නිසා මෙම නිළධාරියාට ස්ථාන මාරුවීම ලබා දී ඇතැයි හෙළිව තිබුණේ. ඔහු පොලිස් විශේෂ කාර්‍ය් බළකායෙන් බිහිවූ කීර්තිමත් නිළධාරියෙකුද වෙනවා.
ඔහුගේ ගම්පළාතද වන්නේ වෙන්නප්පුවයි.
ඔහු වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ආදි සෙසුවෙක්.
ඇමතිගේ ගෝලබාල කසිප්පු ජාවාරම්කරුවන් 28 දෙනෙකුගෙ උපදෙස් මතයයි. එරික් පෙරේරාව එම පළාතෙන් මාරු කිරීම සමඟ ඔහු ගොඩ නැගු විශේෂ දූෂණ මර්ධන ඒකකයද පසුව විසුරුවා හැරියා. එරික් යනු පොලිසියේ සුපිරි චරිතයකි. වරෙක ඔහු වත්තල ස්ථානාධිපති ලෙස සිටියදී සැකකරුවෙකු බේරා ගැනීමට පැමිණි ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට පයින් ගසා සිරකූඩුවට දමා තිබුණා.
එසේම ඔහු යටතේ තිබු විශේෂ වැටලීම ඒකකයද විසුරුවා තිබු අතර නැවතත් එම ඒකකය ස්ථාපනය කොට තිබේ.


ගයාන් සේනානායක සමඟ
24109 Views
Comments