පෝලිම්වල දිගටම හිටියොත් වෙන දේ මෙන්න - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

පෝලිම්වල දිගටම හිටියොත් වෙන දේ මෙන්න - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පෝලිම්වල දිගටම හිටියොත් වෙන දේ මෙන්න - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පෝලිම්වල එක දිගට වරුවක් දෙකක් සිටින විට අධික ලෙස මානසික පීඩනයකට ලක්වී විවිධ කායික ආබාධ ඇතිවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ ලලිත් චාමින්ද සහ රූමි රූබන් මහතා පවසයි.

 

“පෝලිම්වල සිටීම එක අතකින් කායිකව සහ මානසිකව බලපානවා. මෙම පෝලිම්වලට තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද යනවා. විවිධ කායික ආබාධ තියෙන අය යනවා. මේ අයට එක දිගට වැඩිවෙලාවක් හිටගෙන ඉන්න බැහැ. විවිධ කායික ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩිවෙන්න පුළුවන්. එක විදියට පෝලිමක වරුවක් දෙකක් ඉන්නවා කියන්නේ අධික මානසික පීඩනයකට ලක්වෙන දෙයක්. 

 

මානසික පීඩනය වැඩිවූ විට කායික ආබාධ වැඩි වෙන්න පුළුවන්. නියමිත වෙලාවට බෙහෙත් ටික බොන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලන්න වේලාවක් නැහැ. ලේ පරීක්‍ෂණ කරගන්නේ නැහැ. මානසික පීඩනය නිසාම තමන්ගේ ශාරීරික සෞඛ්‍යයත් අහිමිකර ගන්නවා. මෙවැනි අවස්ථාවකදී අධික රුධිර පීඩනය හෘදය වස්තුවේ ආබාධ මේ වගේ දේවල් වැඩියෙන් ඇතිවෙන්න මෙම මානසික කාරණා බලපානවා. අපේ වැඩිහිටි පරපුර රැක ගැනීම ඉතා වැදගත්. 

 

තෙල් පෝලිමකට යැවිය යුත්තේ ශක්තිය තියෙන තරුණයින්. ලෙඩ රෝග තියෙනවානම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. තෙල් පෝලිමක නිදිවරාගෙන එකදිගට ඉන්නවානම් තනි පුද්ගලයෙකු පමණක් නොවෙයි ඒ සඳහා පවුලේ කිහිපදෙනෙකු සම්බන්ධවීම, වැදගත්. තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

 

පෝලිමේ ඉන්න අතරේ තමන්ගේ හිත දූෂණය කරගන්නේ නැතිව ආරවුල්වල පැටලෙන්නේ නැතිව සන්සුන්ව සිටිය යුතුයි"

views

282 Views

Comments

arrow-up