මත්ද්‍රව්‍ය භාවිතාකර අසු වූවන්ට ධර්ම දේශනයක්

නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන හයක සහභාගීත්වයෙන් ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය පානය කළ පිරිස වෙනුවෙන් මත්ද්‍රව්‍යවල ආදීනව පෙන්වා දෙමින් ධර්ම දේශනාවක් සිදු කරලීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඊයේ(20) බිනර පොහෝදින කටයුතු කළේය.
වැලිකඩ, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කඩුවෙල, තලංගම, මිරිහාන යන පොලිස් වසම්වල සිදුකෙරුනු මෙහෙයුම් වලදි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 200කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සහ අනෙකුත් විමර්ශනයන්ගෙන් අනතුරුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව ඔබේසේකරපුර කෝට්ටේ චන්ද්‍රාද සිල්වා ක්‍රීඩාංගණයට එම පිරිස කැඳවමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තම ජීවිතයට සිදුවන ආදීනව පිළිබඳ කාලීන ධර්ම දේශනාවකට සවන්දීමට අවස්ථාව ලබාදුණි.
එම ධර්ම දේශනය කෝට්ටේ නාග විහාරයේ විහාරාධිපති වතුරවිල සුජාත ස්වාමීන් වහන්සේ සිදු කළහ.
758 Views
Comments