JUN
24
ජගත්, ජෙහාන් ඇතුළු 4කට ඇප

රිමාන්ඩ් බන්ධනාගාර ගත සිටි රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ධම්මික මුණසිංහ සහ එරංග ගුණසේකර යන පුද්ගලයින් ඇප මත නිදහස් කර තිබෙනවා.
පසුගිය දිනක පොලිස් මූලස්ථාන ඉදිරියේ පැවැත්වූ උද්ඝෝෂණයකදී රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ .
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සඳහා අත්අඩංගුවට ගෙන තිබූ ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා යනු පුද්ගලයන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.
224 Views
Comments