ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ - මහජන උපයෝගීතා කොමිසම

විදුලි බිල වැඩකිරිමට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම කිසිදු අවසරයක් ලබාදි නැති බවද සියයට සියකින් විදුලි බිල වැඩිවන බවට පැතිරෙන කට කතාවල කිසිදු සත්‍යයක් නැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (26) පැවසීය.
විදුලි බිල වැඩ කිරිම සඳහා විදුලි බල මණ්ඩලය අවස්ථා දෙකකදි යෝජනා ඉදිරිපත් කර ඇති බවද එහෙත් මේ දක්වා ඒ සඳහා අවසර ලබාදීමක් මෙතෙක් සිදුව නැති බවද රත්නායක මහතා පැවසීය.
විෂය භාර ඇමතිගෝ හෝ අමාත්‍යංශයේ ලේකම්ගේ හෝ අවශ්‍යතාවය, කැමැත්ත අනුව විදුලි බිල වැඩිනොකරන බවද එය සිදුවන්නේ නිසි ක්‍රමවේදයකට අනුව බවද මහජනතාව ඒ සම්බන්ධයෙන් බියක් සැකයක් ඇති කරගත යුතු නොවන බවද ඔහු පැවසීය.
711 Views
Comments