ඩෙල්ටා ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අගවයි

ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේදී මෙරට තුළ ව්‍යාප්තවන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මේ වන විට මෙරටින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 35කට ආසන්න සංඛ්‍යාවක් සොයා ගෙන තිබෙනවා. එම සංඛ්‍යා දත්ත අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 300කට වැඩි පිරිසක් මෙරට තුළ සිටිය හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවයි.
ඊයේ දින (18) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනද ප්‍රකාශ කර තිබුණේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේදී මෙරට තුළ සුලභ වශයෙන් පැතිර යාමේ අවධානමක් මතුව ඇති බවයි.
1501 Views
Comments