එකම පුද්ගලයාට එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

එකම පුද්ගලයාට එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වේ

එකම පුද්ගලයාට එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වේ

පුද්ගලයෙකුට එකවර කොවිඩ් ප්‍රභේද දෙකක් ආසාදනය වීමේ විරල සිදුවීමක් බෙල්ජියමෙන් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඉකුත් මාර්තු මාසයේදී කොවිඩ් වෛරසයෙන් මරණයට පත් 90 හැවිරිදි බෙල්ජියම් ජාතික කාන්තාවකට එකවර කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් වැලඳී තිබු බව මේ වන විට පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

 

ඇයට මෙලෙස වැළදී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඇල්ෆා සහ දකුණු අප්‍රිකාවේ බීටා යන කොවිඩ් ප්‍රභේද ද්විත්වය වේ.

 

එකවර පුද්ගලයෙකුට කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් ආසාදනයවීම අතිශය විරල  බව සෞඛ්‍ය විශේෂඥයින් පවසයි.

 

එම කාන්තාව කොවිඩ් මර්දන එන්නතක් ද ලබාගෙන නොමැති අතර පුද්ගලයින් දෙදෙනෙකුගෙන් වෛරස ප්‍රභේද ද්විත්වය ඇයට ආසාදනය වන්නට ඇති බවට විශ්වාස කෙරේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් අනතුරු අඟවන්නේ වසංගතය පැතිරීම මන්දගාමී නොවනු ඇති බවටය.

views

1502 Views

Comments

arrow-up