හමුදා සෙබලුන් යට කරමින් ධාවනය වූ ඉන්ධන බවුසරය

යුද හමුදා ට්‍රක් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අද(05) අලුයම අනුරාධපුර මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ පාදෙනියේදී සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තුවාල ලැබූ තවත් හමුදා සෙබලුන් 05 දෙනෙක් කුරුණෑගල සහ මහව රෝහල් වෙත ඇතුළත් කර ඇත.
යාපනය සහ විශ්වමඩු යුද හමුදා කඳවුරුවල සිට හමුදා සාමාජිකයින් 7 දෙනෙකු රැගත් ට්‍රක් රථය අඹේපුස්ස හමුදා කඳවුර වෙත ගමන් කරන අතරතුර අඹගස්වැව ප්‍රදේශයේදී මාර්ග අයිනේ නවතා ගිමන් හැර සිටින අතරතුර හමුදා සාමාජිකයින් රථය පිටුපස සිටියදී වේගයෙන් පැමිණි බවුසර් රථය හමුදා සාමාජිකයින් අනතුරට ලක් කරමින් ට්‍රක් රථයේ ගැටී ඉදිරියට ධාවනය වී ඇත.
අනතුර සිදුකල බවුසර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර බවුසර් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
873 Views
Comments