ලක්ෂ 430ක චෙක්පත් වංචාවට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

ලක්ෂ 430ක චෙක්පත් වංචාවට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ලක්ෂ 430ක චෙක්පත් වංචාවට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් මිලියන 43ක මුදලක් ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වංචා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ඊයේ(27) දිනයේ දී එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔහු ඇඹිලිපිටිය නවනගරය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

 

සැකකරු විසින් ඉකුත් අප්‍රේල් මස 12 වන දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවකින් ව්‍යාජ චෙක්පත ලබාදී රු ලක්ෂ 430ක මුදලක් ලබාගෙන ඇතැයි තහවුරු වී තිබේ.

 

අත්අඩංගුවටගත් සැකකරු අද(28) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

 

අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් මේ වන විට බැංකු නිලධාරියෙක්, වානේ ආයතනයේ වැඩ කළ පුද්ගලයෙක් හා තවත් සැකකරුවන් 6දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

 

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ චෙක්පත් මුද්‍රණය කර මෙවැනි වංචාවක් සිදුකළ පළමු අවස්ථාව මෙය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

views

846 Views

Comments

arrow-up