ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් පුද්ගලයෙක් කහතුඩුවෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
28

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් පුද්ගලයෙක් කහතුඩුවෙන්

ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු තවත් පුද්ගලයෙක් කහතුඩුවෙන්

කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී ඉන්දියාවෙන් මල්වරට හඳුනාගත් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා පැවසුවේය.

 

47 හැවිරිදි කොවිඩ් වැළඳුනු පුද්ගලයා කොළඹ, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවයේ නියුතු අයෙකු බවට හඳුනාගෙන තිබේ.

 

ඔහු මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ප්‍රදේශයේ පවුල් 50ක සාමාජිකයින් නිරෝධායනයට යොමුකර ඇති අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමාද පැනවීමටද පියවර ගැනුණි.

 

මේ පිළිබඳ අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා,

“කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය පුද්ගලයෙක්ව තමයි හඳුනාගත්තේ.එහිදී දැනගන්න ලැබුණා මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත්.

අපි සැක කරනවා ඔහුට එම ඉදිකිරීමේ කර්මාන්ත ආයතනයෙන් මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ඔහුට ශරීර ගතවෙන්න ඇති කියලා.

ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට දැනගන්න ලැබුණා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති බව.

ඒ වගේම එම ප්‍රදේශයේ අහඹු PCR 100ක් පමණ සිදුකරන්න උපදෙස් ලැබිලා තියෙනවා.

ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස කටයුතු කර තිබෙනවා.“

views

846 Views

Comments

arrow-up